ඊශ්රායල් රජය හා ශ්රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වර්ෂයේ ගතවූ කාලය තුළදී ශ්රි ලාංකිකයින් 3,575දෙනෙකු සඳහා ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී හිමිව තිබෙනවා.
ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු නොවැම්බර් මස 18 දින ඊශ්රායලය බලා පිටත්ව ගිය අතර, ඔවුන් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදුවිය.
එසේම තවත් 152 දෙනෙකු නොවැම්බර් මාසය තුළදී ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින අතර, තවත් 464 දෙනෙකු දෙසැම්බර් මාසය මුල් සතිය තුළදී ඊශ්රායලයට යාමට සූදානමින් සිටින බව සඳහන්.
මේ අතර, ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ඇති රැකියා උප ක්ෂේත්රයක් වන යටිතල පහසුකම් ක්ෂේත්රයේ රැකියා සදහා 252 දෙනෙකු මෙම වර්ෂය තුළදී පිටත්ව ගොස් ඇති අතර, තවත් 34 දෙනෙකු ඊශ්රායලය බලා පිටත්ව යාමට සූදානමින් සිටින බවද සඳහන් වේ.
නිපුණතා සහිත ශ්රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

