උසස් පෙළ විභාගයට බාධාවක් නොවන ලෙස හැසිරෙන්න – පොලිසිය

අද (21) නුගේගොඩ ප්‍රදේශයේදී විපක්ෂයේ කණ්ඩායම් එක්ව පවත්වන රැළිය නිසා නුගේගොඩ නගරය තුල පිහිටා ඇති පාසල් ගණනාවක ස්ථාපිත කර ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධාවන් සිදු වීමේ අවධානමක් පවතිනවා.

මේ හේතුවෙන් එවැනි බාධාවන් සිදු නොවන සේ කටයුතු කරන ලෙස රැලියේ සංවිධායකයන් හට ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එසේම විභාගය පැවැත්වෙන පාසල්වලට බාධා ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කරනවා.

විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කර ඇති මෙම රැස්වීම පැවැත්වෙන කාලසීමාව තුල 2025 උසස්පෙළ දේශපාලන විද්‍යාව විභාගය පැවැත්වීමට නියමිතයි.