යුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා කරන්න පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයට

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් සාකච්ඡා කිරීම සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයට පැමිණ තිබෙනවා.

ඇමරිකානු හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම කියෙව්හිදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට අපේක්ෂා කරන බවයි BBC සඳහන් කරන්නේ.

එක්සත් ජනපදය සහ රුසියාව විසින් එක්ව නව සාම සැලසුමක් සකස් කරමින් සිටින බවටයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේවෙතත් එම සැලැස්ම තවමත් දෙපාර්ශවයෙන් කිසිවෙක් විසින් නිල වශයෙන් තහවුරු කර නැහැ.

මේ අතර ඊයේ දිනයේ යුක්රේනයේ බටහිර නගරයක් වන ටර්නොපිල් වෙත එල්ල කෙරුණු රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.