එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරයා පැවසුවේ වර්ථමාන ආණ්ඩුව සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බවත් එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළා.

