සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් දෙතොල් සිපගැනීමක් කරනවා කියන්නේ අරුමයක් නෙමෙයි නේ.
ඉතින් මේ වෙනකොට විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා මේ දෙතොල් සිපගැනීම් වසර මිලියන 21කට පෙර කාලයේ පරිණාමය වෙලා තියෙනවා කියලා.
ඒ අනුව සිදු කළ අධ්‍යනයක දී හෙළි වී ඇත්තේ මිනිසුන්ගේ ආදිතම මුතුන් මිත්තන් වන Neanderthals ලා පවා දෙතොල් සිප ගෙන ඇති බවයි. එසේම මිනිසුන් සහ Neanderthals අතර ද දෙතොල් සිපගැනීම් බොහෝ විට සිදුව ඇති බවයි පරියේෂකයන් අනුමාන කරන්නේ.
Dr. Matilda Brindle සහ කණ්ඩායම විසින් සිදු කළ මෙම අධ්‍යනය journal Evolution and Human Behaviour හි “A comparative approach to the evolution of kissing” ලෙස පළ වී තිබෙනවා.
දෙතොල් සිපගැනීමේ ප්‍රජනන වාසි කිසිවක් නොමැති වුවත් එය මිනිසුන් අතර මෙන්ම සතුන් අතරත් අදටත් දකිනට ලැබෙනවා.
එම සඟරාවේ සඳහන්ව ඇත්තේ සිප ගැනීම බොහෝ විට වසර මිලියන 21.5 කට පමණ පෙර විශාල වානරයන් තුළ පරිණාමය වී ඇති බවට ඔවුන් අනුමාන කරන බවයි.
වෘකයන්, ප්‍රේරි බල්ලන්, හිම වලසුන් පවා දෙතොල් සිපගන්නා බවයි මෙම පරියෙෂණයේ දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

