නොවැම්බර් මුල් දින 12ට සංචාරකයන් 82,270ක් දිවයිනට

ශීත සෘතුවේ සංචාරකයින්ගේ පැමිණිම ආරම්භ කරමින් මෙම මාසයේ මුල් දින 12 තුළ විදෙස් සංචාරකයින් 82,270 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මේ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂ 72,957ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.