GPT-5 model එකේ අලුත්ම upgrade එක ලෙස OpenAI විසින් GPT-5.1 ඊයේ එළි දක්වනු ලැබුවා.
මෙම upgrade එක ඔවුන්ගේ chatbot වන ChatGPT තවත් බුද්ධිමත්, වඩා සංවාදශීලී සහ විනෝදජනක එකක් කරනු ඇති බවයි OpenAI සඳහන් කරන්නේ.
මේ හරහා ප්‍රතිචාර වඩාත් සංවේදී ස්වරූපයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා.
GPT-5.1 Instant සහ GPT-5.1 Thinking ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකකින් මෙම upgrade එක සමන්විත වන අතර එය ක්‍රමයෙන් Paid පරිශීලකයන්ගේ සිට free account වෙත ලැබෙනු ඇත.
GPT-5.1 Instant එදිනෙදා භාවිතය සඳහා යෝග්‍ය වනවා. එසේම GPT-5.1 Thinking වඩාත් සංකීර්ණ කාර්යයන් එනම් ගණිතය, coding වැනි දේ සඳහා යෝග්‍ය වනවා.
මෙහි තමන්ට කැමති ප්‍රතිචාර දක්වන විදිහක් තෝරා ගත හැකි වන අතර (Personality Customization) එහි options ලෙස Candid, Quirky, Efficient, Professional, Friendly, Nerdy, and Cynical ආදිය අන්තර්ගත වනවා.

