නොවැම්බර් මාසයේ සංචාරකයන් 61,890ක් දිවයිනට

නොවැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ දී මෙරටට සංචාරකයින් 61,890 දෙනෙකු පැමිණ තිබෙනවා.

නොවැම්බර් මාසයේදී දිවයිනට පැමිණි මුළු සංචාරකයින්ගෙන් සියයට 25.1ක් පමණ ඉන්දියාවෙන් (15,541) පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

මේ සමඟම මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,952,577 දක්වා ඉහළ ගොස් තිබෙනවා.