2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන්වැනි දිනය අද

2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන්වැනි දිනය අද පැවැත්වෙනවා.

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 14 වැනිදා දක්වා දින 6ක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහි ඡන්ද විමසීම ලබන 14 වැනිදා පස්වරු 6ට පැවැත්වෙනවා.

එසේම අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා සිට ‍දෙසැම්බර් 5 දක්වා දින 17ක් පැවැත්වේ.

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇත.

2026 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ය.

මෙය නව රජයේ දෙවන අයවැය වන අතර නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය වනවා.