සඳුදා දිනයට සාපේක්ෂව අද (11) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් තිබෙනවා බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 301.09 සිට රු. 300.50 දක්වා අඩු වී තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 308.57 සිට රු. 307.96 දක්වා අඩු වී තිබේ.

