Fung-wong සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රියේ උතුරු පිලිපීනයට කඩා වැදුණු Fung-wong සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුපිරි සුළි කුනාටුව ඕරෝරා පළාතේ නැගෙනහිර නගරයක් වන ඩිනලුන්ගන් හි ගොඩබිමට ඇතුළු වීමට පෙර මිලියනයකට අධික ජනතාවක් ඉවත් කර තිබෙනවා.

මෙම සුළි කුනාටුව හේතුවෙන් රාත්‍රිය පුරා දැඩි සුළං, තද වැසි සහ කුණාටු රළ ඇති වී තිබෙනවා.

ඕරෝරා උප ආණ්ඩුකාර පැට්‍රික් ඇලෙක්සිස් අංගාරා පැවසුවේ නායයෑම් සහ කැඩුණු මාර්ග හේතුවෙන් අවම වශයෙන් නගර තුනකටවත් ප්‍රවේශ විය නොහැකි බවයි.

මෙම කුණාටුව හේතුවෙන් පසුගිය ඉරිදා සිට ගුවන් ගමන් 400 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද සිදුව තිබෙනවා.

සුළි කුණාටුව මේ වන විට දකුණු චීන මුහුද හරහා ගමන් කරමින් සිටින අතර එය තායිවානය දෙසට ඊසාන දෙසින් මාරු වනු ඇතැයි පුරෝකථනය කර ඇති තිබෙනවා.