ඉදිරි වසර තුන තුළ යටිතල පහසුකම් සහ නව රැකියා අවස්ථා සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 600ක් ආයෝජනය කිරීමට Meta සමාගම සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා කෘතිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන (artificial intelligence data centers) ද ඇතුළත් වන බවයි Meta සඳහන් කළේ.
superintelligence වෙත යාම සඳහා Meta විසින් AI වෙත වැඩි වශයෙන් ආයෝජන සිදු කරමින් පවතින පසුබිමකයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පසුගිය මාසයේදී, Meta සමාගම විසින් ගෝලීය වශයෙන් එහි විශාලතම ව්‍යාපෘතිය වන ලුසියානා දත්ත මධ්‍යස්ථානයට අරමුදල් සැපයීම සඳහා බ්ලූ ඕල් කැපිටල් සමඟ ඩොලර් බිලියන 27 ක මූල්‍ය ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

