මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.
ඒ අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අතරින් සංචාරකයින් 431,235ක් ඉන්දියාවෙන්, 177,167ක් එක්සත් රාජධානියෙන්, 138,061ක් රුසියාවෙන්, 119,415ක් ජර්මනියෙන් සහ 113,619ක් චීනයෙන් පැමිණ ඇත.
එසේම නොවැම්බර් මාසයේ 01 වනදා සිට 05 වනදා දක්වා කාලය තුළදී විදෙස් සංචාරකයින් 32,815ක් මෙරටට පැමිණ තිබෙනවා.

