මෙරට වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීම සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබාදිය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සදහන් කළේ.

