උතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් – සිව්දෙනෙක් ජීවිතක්ෂයට

උතුරු ඇෆ්ගනිස්ථානයේ රටේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඊ ෂරීෆ් අසල ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

මෙම කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.

භූමිකම්පාවේ ප්‍රබලත්වය 6.3 ක් ලෙස සටහන් වී ඇති අතර එය කිලෝමීටර් 28 ක ගැඹුරකින් හට ගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

එසේම තවත් 150ක් පමණ පිරිසක් භූ කම්පනය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි බෝල්ක් පළාතේ තලේබාන් ප්‍රකාශකයෙකු වන හජි සයිඩ් සඳහන් කළේ.