අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (03) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 300.61 සිට රු. 300.70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රු. 308.10 සිට රු. 308.19 දක්වා ඉහළ ගොස් ඇත.