කොළඹ උද්ධමනය තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ සියයට 1.5ක් වූ උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.5ක් දක්වා වැඩි වී ඇත. එය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.9ක් ලෙස සටහන් වී තිබුණි.

සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7ක් ලෙස සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 1.4ක් දක්වා ඉහළ ගොස් ඇත.