ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 50ක් ජීවිතක්ෂයට

අඟහරුවාදා රාත්‍රියේ ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාර ගාසා නගරයේ සහ ගාසා තීරයේ උතුරේ බෙයිට් ලහියා හි නිවාස, පාසල් සහ නේවාසික කොටස්, බුරෙයිජ් සහ නුසෙයිරාත් සහ දකුණේ ඛාන් යුනිස් වෙත එල්ල කර ඇත.

මෙම මිය ගිය පිරිස අතර ළමුන් 22 දෙනෙකු ද වනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 200ක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ/

දකුණු ගාසා තීරයේ දී ඊශ්‍රායල හමුදාවට සිදු කළ පහරදීමක් හේතුවෙන් ඊශ්‍රායල සොල්දාදුවෙකු මිය ගොස් ඇති අතර එයට ප්‍රතිචාර ලෙසයි ඊශ්‍රායලය මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ.

එසේම මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීමේ කොන්දේසිය ද හමාස් සංවිධානය විසින් උල්ලංඝනය කර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.