දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා සඳහන් කළේ.

ඊට විරෝධය පල කරමින් මෙම සංකේත වැඩ වර්ජනය සිදුකරන බවයි සඳහන් කළේය.