හිඟ සුරාබදු සහ දඩ මුදල් බිලියන 10 ඉක්මවයි

සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු හිඟ සුරාබදු සහ දඩ මුදල් රුපියල් බිලියන 10 සීමාව ඉක්මවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

දින 90 කට වඩා වැඩි කාලයක් බදු හිඟ ඇති නිෂ්පාදකයින්ගේ බලපත්‍ර අවලංගු කිරීමට රජය නීතිමය ප්‍රතිපාදන වෙනස් කර ඇති බවයි එහිදී ඔහු පවසා සිටියේ.

එසේම හිඟ සුරාබදු මුදල රුපියල් බිලියන 4.7ක් බවත් , හිඟ ගෙවීම් සඳහා වූ 3% දඩ මුදල් එනම් රුපියල් බිලියන 5.8ක් බවත් අමුද්‍රව්‍ය මත එකතු කළ යුතු හිඟ සුරාබදු මුදල රුපියල් මිලියන 223ක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.