දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක්සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මෙම අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.