2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 2.1% ක් දක්වා වැඩි වී තිබෙනවා.
එය 2025 අගෝස්තු මාසයේදී සටහන් වුණේ 1.5%ක් ලෙසයි.
එසේම 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 3.8%ක් දක්වා වැඩිවී ඇත.
එමෙන්ම, 2025 අගෝස්තු මාසයේදී 0.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 0.7%ක් දක්වා වැඩි වී ඇත.

