ලොව පුරා හින්දු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලි දිනය අදට යෙදී තිබෙනවා.
අඳුර පරදා ආලෝකය ලැබූ, අයහපත පරදා යහපත ජයගත් දිනය සිහිපත් කිරීම සඳහායි ඔවුන් මෙම උත්සවය සමරන්නේ.
උතුරු ඉන්දියාවේ ප්‍රචලිත මතය වන්නේ වසර 14ක වන වාසය නිමා කරමින් රාවණා පරාජයට පත් කර රාම, ලක්ෂමන් සහ සීතා කුමරිය යළිත් අයෝධ්‍යාවට පැමිණියේ අද වන් වූ දීපාවලි දවසක බවයි.
එසේම ක්රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර නම් අසුරයාව පරාජය කර ජනතාව නිදහස් කිරීම සිහිපත් කිරීම සඳහා ද මෙම උත්සවය පවත්වනවා.
දීපාවලී දිනයේදී, ධනය හා සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවියට පුද පූජා පවත්වනවා.
අද පහන් සහ ගිනිකෙළි දල්වමින් හින්දු බැතිමතුන් මෙම වර්ණවත් සංස්කෘතික මංගල්‍යය සමරනු ලබනවා.
ඔබ සැමට සුබ දීපාවලි දිනයක් වේවා !

