ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවය.
එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුව ද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජාලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච්.එම් හේරත් මහතා සදහන් කළේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවය.

