අගමැතිනිය දිවයිනට

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණී බවයි වාර්තා වෙන්නේ.

නිල සංචාරයක් සඳහා පසුගිය 16 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගියා.

එම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකළාය.

ඊම ඉන්දියාවේ NDTVආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබුවාය.