ශ්රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම පසුගිය 15 වන දා වාර්තා කර තිබෙනවා.
එදින රුපියල් මිලියන 24,918ක බදු මුදලක් රැස් කිරීමට රේගුවට හැකි වී තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත් වී ඇත.
2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බවයි රේගු අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

