රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.07 සිට රුපියල් 299.15 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 306.56 සිට රුපියල් 306.64 දක්වා ඉහළ ගොස් තිබේ.