රුපියලේ සුළු පහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද  ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 298.84 සිට රුපියල් 299.07 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 306.33 සිට රුපියල් 306.56 දක්වා ඉහළ ගොස් තිබේ.