මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක්

මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ අද(12) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, මොරගහකන්ද ජලාශය අසළ දමා ගොස් තිබූ ජීව පතොරම් තොගයක් නාඋල පොලීසිය සොයා ගැනීමත් සමඟයි.
 
විවිධ වර්ගවලට අයත් ජීව පතොරම් 448 ක්, එහිදී සොයා ගැනුණි.
 
එම පතොරම් තොගය කිසියම් පිරිසක් විසින් ගෙනැවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබෙන අතර මේ හේතුවෙන් අද විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කරනු ලබනවා.