අගමැතිනිය චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයක

අගමැති හරිනි අමරසූරිය මෙනවිය එළැඹෙන 13 වැනිදා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටිනවා.

ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

එහිදී අගමැතිනිය චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් චීනයේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිප දෙනෙක් සමග ද්වි පාර්ශවික සාකච්ඡා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම චීන සංචාරයෙන් පසුව අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාවේ ද නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

එහි දී ඉන්දිය අගමැතිවරයා ඇතුළු ‍රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණ ගැසීමට සූදානම් බවත් ඒ හරහාද රටට දේවල් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.

”චීනයේ ගමනත් එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා අපි ගොඩක් දේවල් ලබා ගත්තා මේ 2025 අවුරුද්දට මුලු ලංකාවෙම දුවා දරුවන්ට පාසල් නිල ඇඳුම නොමිලේ අපිට චීනයෙන් ලබා දෙන්නේ 2026 අවුරුද්දටත් දෙනවා. අපි ලෝකයේ විවිධ රටවල් සමග දවසින් දවස රාජ තාන්ත්‍රික සබදතා ශක්තිමත් කරන් යනවා.. මේ කෙටි කාලය තුළ අපි ලබා ගත්ත ජයග්‍රාහණ විශාල ප්‍රමාණයක් තියෙනවා”