2025 නොබෙල් සාහිත්‍ය සම්මානය හංගේරියානු ලේඛක László Krasznahorka ට

මෙවර සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය හංගේරියානු ලේඛක László Krasznahorka වෙත හිමි වී තිබෙනවා.

විනාශකාරී භීෂණය මධ්‍යයේ වුවද, කලාවේ බලය යළි තහවුරු කරන ආකර්ෂණීය හා දූරදර්ශී කෘති මාලාව වෙනුවෙන් මෙම සම්මානය ඔහුට හිමි වී තිබෙනවා.

ප්‍රචණ්ඩත්වය, අරාජිකත්වය සහ විනාශකාරී තේමා ආශ්‍රිතව ඔහුගේ කෘති නිර්මාණය වී තිබෙනවා.

ඔහුගේ කෘති අතර Sátántangó,The Melancholy of Resistance, War and War වනවා.

ඔහුට 2015 දී Man Booker සම්මානය ද හිමි වුණා.

1954 දී රුමේනියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි ගිනිකොනදිග හංගේරියාවේ ග්යුලා (Gyula) නම් කුඩා නගරයේ ඔහු උපත ලබා තිබෙනවා.