දේශීය බඩඉරිඟුවල අෆ්ලටොක්සින් (Aflatoxin) ඉහළ ප්‍රමාණයක් අඩංගු බැවින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍යය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වසරකට අවශ්‍යය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 18,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එම තොගය කොටස් වශයෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව සමාගම්වලට බලපත්‍ර ලබාදී අදාළ ආනයන ක්‍රියාවලිය සිදු කිරීමට කාලයක් ගතවන බැවින් මාසයක පමණ කාලයක් සඳහා ත්‍රිපෝෂ හිඟය පියවා ගැනීමට කඩිනමින් තවත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2000 ක් ආනයනය කිරීමට ද රජය සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම අවධාරණය කළා.
එම තොගය ලැබුණු විගස ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඇමැතිරයා පැවසුවා.

