වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
එසේම වස්සාන සමයේ පෙරවස් එළඹුකු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ.
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයක් වන අතර මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම ද අද වන් වූ දිනයක් සිදු වී තිබෙනවා.
ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ද සිදු වී ඇත්තේ වප් පොහෝ දිනයක් බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

