ලෝක ගුරු දිනය අදයි

ලොව පුරා සිටින සියලුම ගුරුවරුන් සැමරීම සඳහා වන ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබෙනවා.

එය සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දින පවත්වන අතර 1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීයව  ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වෙනිදා යොදාගෙන ඇත.

මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වී ඇත්තේ “ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම” යන්නයි.

ගරු කිරීමට සුදුසු තැනැත්තා ගුරුවරයා වන අතර සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයටද පත්වන එකම තැනැත්තාද ගුරුවරයා ද වනවා.

අද දිනට යෙදී ඇති ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් 06 එනම් හෙට (06) දින සමරනු ලබනවා.