පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

