ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 37ක්

ශ්‍රී ලංකාව විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණා.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කල විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් පැවසුවේ විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 37 ක් ලබාගෙන ඇති අතර එය රුපියල් වලින් නම් ට්‍රිලියන 19.6 ක මුදලක් බවයි.

ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවනවා.