Elon Musk ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500 ඉක්මවයි

Tesla සමාගමේ ප්‍රධානි වන Elon Musk ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 500 ඉක්මවා තිබෙනවා.

ඔහු මෙලෙස ඩොලර් බිලියන 500ක වත්කමක් අත් කර ගත් ලොව පළමු පුද්ගලයා ලෙස වාර්තාවක් ද තබා තිබෙනවා.

Tesla ඇතුළු xAI සහ SpaceX හි නිල වත්කම් විශාල වශයෙන් මේ වසර තුල දී ඉහළ යැමත් සමඟයි ඔහු මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්ව ඇත්තේ.

ෆෝබ්ස් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ඔරකල් නිර්මාතෘ ලැරී එලිසන් ලොව දෙවන ධනවත්ම පුද්ගලයා වන අතර ඔහුගේ ධනය ඩොලර් බිලියන 350.7 ක් පමණ වේ.