ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වෙයි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 180කි.

මේ අතර පෙට්‍රල්  ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල වෙනස් නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.