2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම,10% කින් ඉහළ ගොස් තබෙනවා.
එසේම ගුවන් ගමන් සදහා පැමිණෙන මගීන් සංඛ්‍යාව 22% කින් ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.
ගුවන් සේවයේ කාර්ය සාධනය ද,74% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ එම අගය සටහන් වුනේ 69% ක් ලෙසයි.
මේ අතර එන්ජින් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් මෙහෙයුම් වලින් ඉවත් කර තිබූ ගුවන් යානා දෙකක් යළි සේවයට එක් කර තිබේ.
ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් අලුත්වැඩියා කර සේවයට එක් කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.

