තවදුරටත් ලුණු ආනයනය කිරීමට අවශ්‍ය නැහැ

ශ්‍රී ලංකාවට තවදුරටත් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය පවසනවා.

දේශීය නිෂ්පාදනය මේ වන විට ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වීම මිට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම ඔහු සඳහන් කළේ වර්තමාන මහ කන්නයේදී මේ වන විටත් මෙට්‍රික් ටොන් 40,000ක් පමණ අස්වැන්න නෙළාගෙන ඇති බවත්, වැසි සමයෙන් පසුව තවත් තොග අපේක්ෂා කරන බවත්ය.

අනාගත ඉල්ලුමක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් අතිරේක තොගද අප සතුව ගබඩා කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර සැපයුම යථා තත්ත්වයට පත්වීම සහ නිෂ්පාදන පිරිවැය අඩු වීම සිල්ලර මිල ගණන්වලින් පිළිබිඹු නොවීම ගැන හර්ෂ අබේසූරිය සිය කනස්සල්ල පළ කළා.