බංගලියන් පරදමින් පාකිස්තානය අවසන් මහා තරඟයට

ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමිනුයි.

මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණක් වනවා.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය ලබන 28වනදා අවසන් මහා තරගයේ දී තරග වදිනු ඇත.

ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වීම විශේෂත්වයක්.