කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (25) දින ඒකක 182.61 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,521.06ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වීම විශේෂත්වයක්.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.2ක් ලෙස දැක්වුනා.