යේමනය විසින් දකුණු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රතු මුහුදේ වෙරළ තීරයේ අයිලට් නගරය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර එය වළක්වා ගැනීමට උත්සාහ කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සඳහන් කළේ.
යේමනය විසින් නිල වශයෙන් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාර ගෙන නැහැ.

