කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 55.61කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව අද දිනය අවසානයේ එය 21,338.45ක් ලෙස සටහන් වෙනවා.

එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රු:බි: 5.5ක් ලෙස දැක්වුණා.