ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මිය යන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවුණා.
ප්‍රදීප් උඩවෙල සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1998 දී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයෙන්.
ඔහුගේ වඩාත් ජනප්‍රිය සිනමා නිර්මාණ අතර තාරකා මල්, පරාවර්තන සහ අසයි මං පියාඹන්න යන චිත්‍රපට විශේෂයි.
ඊට අමතරව ජුරියා, කැලණි පාලම, මැන්ඩෙලා මැන්ඩෙලා සහ සුද්දෙක් ඔබ අමතකයි ඇතුළු වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
එසේම අකුරු මැකි නෑ, අපර්ණා, බට්ටි, ගං දෑල නිසලය, ඉසුරු පවුර, මහතල හටන වැනි ඇතුළු ටෙලිනාට්‍ය රැසකටද මොහු සම්බන්ධ වී තිබුණා.
2014 වසරේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂය යටතේ බස්නාහිර පළාත් සභාවට තරග කර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණා.

