ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ තේමාව සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත යන්නයි.
එහි සැමරුම් උත්සවය, අග්‍රාමාතවරියගේ ප්‍රධානත්වයෙන් අද (23) ග්‍රාම සංවර්ධන,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කර ඇති දත්ත වලට අනුව ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70 ක් පමණ ජීවත් වනවා.
ඔවුන් භාවිත කරන සංඥා භාෂා සංඛ්‍යව තුන්සියයකට අධිකය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු වරට ජාතන්තර සංඥා භාෂා දිනය 2018 වර්ෂයේදී සමරා ඇත.

