ඊයේ දිනයේ පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කර තිබෙනවා.

එහිදී පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් සැකපිට පුද්ගලයින් 714ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 253 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම මෙහෙයුමේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 19ක් වූ බවද පොලීසිය සඳහන් කළේය.

අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

රථවාහන වැරදි සම්බන්දව පුද්ගලයින් 4,495 දෙනෙකුටද නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.