කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබා ගන්නා ප්රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටු වීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
එසේම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH,කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

