තමන් මාස හයකට වඩා වැඩි කාලයක් එම තනතුරේ රැඳී නොසිටින බව නේපාලයේ අලුතින් පත් කරන ලද අන්තර්කාලීන අගමැතිනිය පවසනවා.
ඇය දිවුරුම් දිමනේ පසු පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ නේපාලයේ විදී වලින් නැගුනු හඬ හේතුවෙන් තමන්ට මෙම තනතුර භාර ගැනීමට සිදු වූ බවයි.
ඒ අනුව ලබන වසරේ මාර්තු 5 වන දින මැතිවරණයෙන් පසු මතුවන නව රජයට තමන් බලය භාර දෙන බව ඇය මෙහි දී පැවසුවා.
නේපාලයේ අරගලය මෙහෙයවූ Gen Z තරුණයන් ඉල්ලා සිටින්නේ දූෂණය අවසන් කිරීම, යහපාලනය සහ ආර්ථික සමානාත්මතාවයයි.
රට තුළ ඇතිවූ එම නොසන්සුන්තාවයෙන් මියගිය සංඛ්‍යාව 72ක් වන අතර එයට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද ඇතුලත්ය.

