ඇල්බේනියාවේ කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරියක් පත් කර තිබෙනවා.
මෙහි සුවිශේෂිත්වය වනුයේ මෙම අමාත්‍යවරිය AI මඟින් නිර්මාණය කළ අයෙක් වීමයි.
ඇය Diella ලෙස නම් කර තිබෙනවා, ඇල්බේනියානු භාෂාවෙන් හිරු යන අර්ථය ඇතිවයි ඇයගේ නම මෙලෙස තබා ඇත්තේ.
මැයි මැතිවරණයෙන් ඔහුගේ සිව්වන ධුර කාලය ලබා ගැනීමෙන් මාස හතරකට පසු, අගමැති එඩි රාමා විසින් ඇයව කැබිනට් මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පියවර නිල වශයෙන් නොව සංකේතාත්මක එකක් වනවා.
රාජ්‍ය ටෙන්ඩර් 100% දූෂණයෙන් තොර රටක් බවට පත් කිරීම සහතික කිරීම ඇගේ කාර්යභාරය වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
Diella ලොව ප්‍රථම AI අමාත්‍යවරයා වීම ද විශේෂත්වයක්.

